විදේශවල ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩල
විදේශයක සිටින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් විසින් එකී දූත මණ්ඩල කාර්යාලයෙහි දූත මණ්ඩලයේ ප්‍රධානියාගේ නිවාසයෙහි සහ දූත මණ්ඩලයේ ප්‍රධානියාගේ රියෙහි ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩිය පිළිබඳ රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටින වෙනත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගවලටද අනුකූලව ක්‍රියා කළ යුතු වේ.
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශ්‍රී ලංකාව සහභාගි වන සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලැබිය හැකිය. එසේ කිරීමේදී එය හා සමග ප්‍රදර්ශනය කරනු ලබන වෙනත් කොඩිවල ප්‍රමාණයකට ජාතික කොඩිය බොහෝ සෙයින් සමාන වියයුතු අතර එය අනෙක් කොඩි එසවනු ලබන උස ප්‍රමාණයෙන්ම ඔසවා තැබිය යුතුවේ.
ශ්‍රී ලංකාවේ සම්භාවනීය පුද්ගලයන් විදේශවලට යාම
ශ්‍රී ලංකාවේ සම්භාවනීය පුද්ගලයන් විදේශයකට යන අවස්ථාවකදී එකී රට සඳහා පත් කරනු ලැබ සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග හෝ එවැනි දූත මණ්ඩලයක් පත් කර නොමැති නම් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු භාර අමාත්‍යාංශය සමග හෝ සකාච්ඡා කොට එවැනි අවස්ථාවන්හිදී විදේශීය ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඒ රටෙහි පවත්නා සිරිතට අනුව ශ්‍රී ලංකාවෙ ජාතික කොඩිය එම රජය විසින් ප්‍රදර්ශනය කරනු ලැබිය හැකිය. විදෙශීය රජයකට උපදෙස්දීමේදී මෙම රීති සංග්‍රහයේ දැක්වෙන පොදු ප්‍රතිපතති මෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ අමාත්‍යවරුන් ද සඳහා පමණක් ජාතික කොඩිය ඔවුන්ගේ වාසස්ථානයන්හි ඔවුන් පාවිච්චි කරනු කරන මෝටර් රටථවල සහ ඔවුන් වෙනුවෙන් පැවැත්වෙන උත්සවවලදී ඔසවා තැබිය යුතු බව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානියා සිත්හි තබා ගත යුතුය.